Monday 2nd of February 2026

English Tamil
Advertiesment


එජාපෙ ජනපති අපේක්ෂක රනිල්-අගමැති අපේක්ෂක සජිත්..!


2018-09-13 14328

අගමැති සිය සැලසුම හෙළි කරයි..!

ජනපතිවරණ ව්‍යාපාරය සූරිය වැවෙන් සැප්තැම්බරයේ ඇරඹේ..!

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පෙරමුණේ 2020 ජනාධිපති අපේක්ෂකයා  ලෙස නියත වශයෙන්ම ඉදරිපත් වී තරඟ කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් තීරණය කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය තීරණය මෙසේ හෙළි කර ඇත්තේ ඔහුගේ සමීපතම මිත්‍රයකු වන සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ බම්බලපිටියේ පිහිටි නිවසේදී මීට දින කිහිපයකට පෙර පැවැත්වූ අතිශය පුද්ගලික සාකච්ඡාවකදීය.

ඒ අනුව ජනාධිපතිවරණ ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ද දායකත්වය ඇතිව සැප්තැම්බර් මාසයේදී හම්බන්තොට සූරිය වැව ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට ද රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර තිබේ.

රටේ දේශපාලන ක්ෂේත්‍රයේත්,ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේත්,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේත් උද්ගත වී තිබෙන දේශපාලන තත්ත්වයන් හමුවේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමත් සජිත් ප්‍රේමදාස මහතාගේ සහයෝගයත් ඇතිව 2020 ජනාධිපතිවරණය තමාට නියත වශයෙන්ම ජය ගත හැකි බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් මේ වන විටත් ගණන් බලා අවසන් බව ඔහුට හිතවත් එක්සත් ජතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් “lankanewsweek” සමග පවසීය.

Advertiesment